Latest News

ලෝකයේ හොඳම ගුවන් සේවය තවත් පිම්මක් ඉදිරියට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකයේ හොඳම ගුවන් සේවය වශයෙන් ස්කයිට්‍රැක්ස් (Skytrax 2025) මඟින් තේරී පත් වූ කටාර් එයාර්වේස් (Qatar Airways) ග්‍රැමී සම්මානලාභී කලාකරුවා, ව්‍යවසායකයා සහ ජාත්‍යන්තර නිර්මාණශීලී බලවේගයක් වන Swizz Beatz සමඟින් පෙර නොවූ විරූ සංස්කෘතික හවුල්කාරිත්වයක් නිවේදනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම සුවිශේෂී සහයෝගීතාව Art Basel Paris 2025 හිදී එළිදක්වා තිබෙනවා.

කටාර් එයාර්වේස්, Art Basel හි ප්‍රමුඛතම ගෝලීය ප්‍රදර්ශන පහේම Premium Partner වශයෙන් කටයුතු කර‍යි.

කෙසේ වෙතත් මෙම හවුල්කාරිත්වයේ ආරම්භය සනිටුහන් කරමින්, Swizz Beatz සහ Alicia Keys මඟින් ආරම්භ කරන ලද ‘The Dean Collection’ ආයතනය සමඟ කටාර් එයාර්වේස් එක්ව, Qatar Airways Creative 100 වැඩසටහන දියත් කර ඇත.

වාර්ෂික වේදිකාවක් වන මෙහි අරමුණ ගෝලීය සංස්කෘතියේ අනාගතය හැඩගස්වමින් සිටින වඩාත්ම බලගතු නිර්මාණකරුවන් 100 දෙනා සැමරීම බව සඳහන්.

එසේම මෙම වැඩසටහන 2026 පෙබරවාරි මාසයේදී පැවැත්වෙන Art Basel Qatar හිදී ප්‍රධාන උත්සවයකින් සමාරම්භ කිරීමට නියමිත බව ද පවසයි.

World News

Send your contact Details Today