තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන එලොන් මස්ක්, Wikipedia වලට අභියෝගයක් වන නව AI-generated වෙබ් අඩවියක් Grokipedia ලෙස දියත් කර තිබේ.
Grokipedia නිර්මාණයැ කර ඇත්තේ මස්ක්ගේ xAI සමාගම වන අතර, එය සත්‍යය පමණක් ඉලක්ක කරගත් මූලික අන්තර්ජාල විශ්වකෝෂයක් ලෙස හැඳින්වෙයි.
Wikipedia අතිශයින්ම වාමාංශික පක්ෂග්‍රාහීත්වයක් පෙන්වන අතර, Grokipedia එයට විකල්පයක් වීමේ අරමුණින් නිර්මාණය කර ඇති බවයි එලොන් මස්ක් පවසන්නේ.
සංවර්ධන කණ්ඩායම සඳහන් කරන්නේ, Grokipedia හි සියලුම ලිපි AI සහ Grok නමැති generative AI assistant කෙනෙකු විසින් සකසන බවයි.
මේ වන විට වෙබ් අඩවියේ ලිපි 885,000 කට වැඩි සංඛ්‍යාවක් අන්තර්ගත වී ඇති බවයි සඳහන් වන්නේ.
Grokipedia හි newer version එක 1.0 ලෙස නම් කර ඇති අතර, එය දැනට පවතින version එකට වඩා 10 ගුණයක් ගුණාත්මක බව එලොන් මස්ක් පවසනවා.
මේ අතර, Wikipediaහි ශක්තිය සාධාරණ ප්‍රතිපත්ති සහ ස්වේච්ඡා අධීක්ෂණය බව Wikipedia පදනමේ ප්‍රකාශිකාවක් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
AI-අන්තර්ගත පද්ධති සෑම විටම මිනිස් දැනුම සහ විශ්වාසය මත පදනම් වන බවත් එබැවින්, Grokipedia වැනි නව ව්‍යාපෘති පවා Wikipedia මත රඳා පවතින බවයි ඇය පවසන්නේ.
කෙසේවෙතත් තාක්ෂණ ලෝකය තුළ Grokipedia ජනප්‍රිය වනු ඇති බවයි සැලකෙන්නේ.