Latest News

දිනපතා Meta Apps භාවිතා කරන පරිශීලකයන් ගණන ගැන නවතම අනාවරණයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව බිලියන 3.5 කට අධික පිරිසක් දිනකට අවම වශයෙන් එක් Meta ඇප් එකක් හෝ භාවිතා කරන බව Meta ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පවසයි.

2025 වසරේ තුන්වන කාර්තුව සඳහා සිය මූල්‍ය ප්‍රතිඵල Meta සමාගම ඊයේ නිවේදනය කළේය.

Instagramහි මාසික පරිශීලකයින් බිලියන 3 ඉක්මවා ඇති අතර, Threadsහි ද දෛනික පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 150 ඉක්මවා ඇති බව එහිදී හෙළි වුණේය.

සමාගම ඩොලර් බිලියන 51.24 ක ආදායමක් වාර්තා කර ඇති අතර එය වසරින් වසර 26% ක වැඩිවීමක්.

කෙසේ වෙතත්, සමාගමේ වියදම් ද වසරින් වසර 32% කින් වැඩි වී මුළු වියදම ඩොලර් බිලියන 30.71 ක් ලෙසයි දැක්වුණේ.

මීට අමතරව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දුන් ‘One Big Beautiful Bill Act’ සඳහා Meta සමාගම ඩොලර් බිලියන 16කට ආසන්න තනි වාරික ගාස්තුවක් වාර්තා කර තිබේ.

එම ගාස්තුව නොමැතිව, සමාගමේ ශුද්ධ ආදායම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 18,64 ක් වනු ඇති.

මේ අතර පසුගිය මාස කිහිපය තුළ, Meta සමාගම විසින් ‘superintelligence’ AI පද්ධති සංවර්ධනය කිරීම සඳහා සැලකිය යුතු ආයෝජන සිදු කර තිබේ.

ඊට අමතරව, OpenAI, Google DeepMind සහ Anthropic වැනි අනෙකුත් AI සමාගම්වලින් දක්ෂතා ආකර්ෂණය කර ගැනීම සඳහා සමාගම ඩොලර් මිලියන 100 ඉක්මවන ලාභදායී වැටුප් පැකේජ ද ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, ඇමරිකාවේ El Paso හි 25 වන දත්ත මධ්‍යස්ථානය සඳහා ඩොලර් බිලියන 1.5 කට වඩා වැඩි ආයෝජනයක් සමාගම විසින් සිදු කරමින් සිටියි.

මේ අතර Meta සමාගම 2028 වසර වන තෙක් එක්සත් ජනපද දත්ත මධ්‍යස්ථාන සහ යටිතල පහසුකම් සඳහා ඩොලර් බිලියන 600 ක් වැය කරන බවයි පසුගිය මාසයේ ධවල මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී, සකර්බර්ග් නිවේදනය කළේ.

World News

Send your contact Details Today