Latest News

චාල්ස් රජුගේ බාල සහෝදරයාව, රජ පවුලෙන් නෙරපයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් තම බාල සොහොයුරා වන ඇන්ඩෘ කුමරු රජ පවුලෙන් ඉවත් කර තිබේ.

ඒ, අනුව ඇන්ඩෘ කුමරුගේ ‘කුමාර’ පදවිය අහිමි වී ඇති අතර, මේ හේතුවෙන් ඔහුගේ වින්ඩ්සර් මාලිගයෙන් ද නෙරපා හැරීමට තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින් සමඟ සම්බන්ධතා පැවැත් වූ බවට ඇන්ඩෘ කුමරුට චෝදනා එල්ලවීමෙන් අනතුරුව ඔහු මෙලෙස රාජකීය පවුලෙන් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (30) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් බකිංහැම් මාලිගය සඳහන් කළේ රජුගේ සහෝදරයා දැන් ‘ඇන්ඩෲ මවුන්ට්බැටන් වින්ඩ්සර්’ ලෙස හඳුන්වනු ඇති බවයි.

ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ තවත් ප්‍රශ්න රැසකට මුහුණ දීමෙන් පසු, ඇන්ඩෲ මේ මස මුල දී ඔහුගේ අනෙකුත් රාජකීය පදවි අත්හැරියේ යෝර්ක් ආදිපාද තනතුරද අතහැර දමමින්.

චාල්ස් රජුගේ බාල සහෝදරයා මෙන්ම අභාවප්‍රාප්ත එලිසබෙත් රැජිනගේ දෙවන පුත්‍රයා වන ඇන්ඩෘ මේ වන විට 65 වන වියේ පසුවෙයි.

World News

Send your contact Details Today