අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ නියෝගයක් නිකුත් කර තිබේ.
දකුණු කොරියාවේදී චීන ජනාධිපතිපති ෂී ජින්පින් හමුවීමට සුළු වේලාවකට පෙර, එක්සත් ජනපද ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම වහාම ආරම්භ කරන ලෙස නියෝග කළ බවයි.
රුසියාව විසින් ඊනියා න්‍යෂ්ටික සුපිරි අවි දෙකක් අත්හදා බලා දින කිහිපයකට පසුවයි ට්‍රම්ප් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
සමාජ මාධ්‍ය සටහනේ ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ අනෙකුත් රටවල් අවි පරීක්ෂණ වැඩසටහන් සිදුකිරීම නිසා, න්‍යෂ්ටික අවි සමාන පදනමක් මත අත්හදා බැලීම ආරම්භ කරන ලෙස යුද දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති අතර එම පරීක්ෂණ අදම ආරම්භ වනු ඇති බවයි.
පොසයිඩන් (Poseidon) ඩ්‍රෝනය පළමු වරට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක කළ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇති අතර අත්හදා බැලීම් සිදු කළ ස්ථානය හෝ වෙනත් තොරතුරු ලබා දී නොමැත.
වේගය සහ ක්‍රියාකාරී ගැඹුර අනුව, ලෝකයේ කොතැනකවත් මෙම ඩ්‍රොනයට සමාන කිසිවක් නොමැති බව ද, නුදුරු අනාගතයේ දී ඒ හා සමාන දෙයක් බිහිවනු ඇතැයි සිතිය නොහැකි බව ද පුටින් සඳහන් කළේය
මේ අතර දින තුනකට පෙර, බ්‍රිව්වෙස්ට්නික් (Burevestnik) ලෙස හැඳින්වෙන නව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන කෲස් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව ද පුටින් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් අද නිකුත් කළ සමාජ මාධ්‍ය සටහනේ ට්‍රම්ප් කියා සිටියේ එක්සත් ජනපදයට වෙනත් ඕනෑම ජාතියකට වඩා න්‍යෂ්ටික අවි ඇති බවයි.