Latest News

WhatsApp වෙනුවට අලුත් ඉන්දියානු App එකක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ චෙන්නායි හි Zoho මූලස්ථානය මගින් නවතම සමාජ ජාල යෙදුම වන ‘අරට්ටෙයි’ (Arattai) භාවිත මෘදුකාංගය (App) හඳුන්වා දී ‌‌ඇත.

රටේ පුරවැසියන්ගේ දත්ත වල ආරක්ෂිතභාවය වැඩි කිරීමේ අරමුණින් මෙම මෘදුකාංගය වට්ස්ඇප් වෙනුවට නිර්මාණය කර ඇත.

මෙය කෙටි කලකින් බාගත කිරීම් මිලියන 7.5 ඉක්මවා ඇති අතර දෙමළ භාෂාවෙන් ‘අරට්ටෙයි’ යන්නෙහි අර්ථය වන්නේ “කතාකිරීම” වේ.

මෙම යෙදුමඉන්දියාවේ ගොඩනගා, ඉන්දියාවේ සත්කාරකත්වය දරමින්, ඉන්දියාව සඳහාම නිර්මාණය කර ඇති වේදිකාවක් ලෙස සැලකේ.

Arattai යනු ගෝලීය තාක්ෂණික යෝධයන්ට හමුවේ, පුද්ගලිකත්වයට මුල් තැන දෙන (privacy-first) විකල්පයක් වන අතර යෙදුම පරිශීලක දත්ත මුදල් ඉපැයීමට යොදා නොගෙන පරිශීලකයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරයි.

මෙහි ඇතුළත් ප්‍රධාන විශේෂාංග අතර ඇමතුම්, වෙළඳ දැන්වීම් රහිත පණිවිඩ යැවීම, Pocket (පුද්ගලික ක්ලවුඩ්), Meetings, සහ Slack-style Mentions වේ. ඉන්දියාවේ තාක්ෂණික පරිසර පද්ධතියට තමපරමාධිපත්‍යයට හානි නොකර, ආරක්ෂිත, පරිමාණය කළ හැකි වීමේ අවස්ථාව පවතින ඩිජිටල් වේදිකාවක් බවයි ඉන්දීය බලධාරීන් පවසයි.

ඉන්දියාව තුළ වට්ස්ඇප් ආධිපත්‍ය දරන්නේ මිලියන 500 කට අධික පරිශීලකයින් පිරිසකගේ භාවිතයේ සිටින නමුත් කෙටි කාලයක් තුළ අරට්ටෙයි බාගත කරගෙන ඇති වේගය අනුව එය වට්සැප් වෙත අභියෝගයක් වනු ඇති බවට විශ්වාස කරයි.

කෙසේවෙතත් වට්සැප්හි පවතින පණිවුඩය යවන්නා සහ ලබන්නාට පමණක් කියවිය හැකි පරිදි පවතින ‘ගුප්ත කේතනය (E2EE)’ ආරක්ෂක පියවර අනුගමනය නොකිරීම ඊට හේතුවන්නට ඇති බවයි විශ්ලේෂකයන් පවසයි.

World News

Send your contact Details Today