Latest News

බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝවේ මළ සිරුරු ගොඩ ගැසෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝවේ දුප්පත් අසල්වැසි ප්‍රදේශවල සිදුකරන පොලිස් මෙහෙයුම්වලින් අවම වශයෙන් 64 දෙනෙකු මිය ගිය බව විදෙස් වාර්තා පවසයි.

මෙය නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දියත් කළ විශාලතම මෙහෙයුමයි.

එහිදී දක්නට ලැබෙන්නේ යුද ගැටුම් වැනි දර්ශන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙම මෙහෙයුම සඳහා සන්නද්ධ නිලධාරීන් 2,500 ක් පමණ, සන්නද්ධ වාහන 32ක්, හෙලිකොප්ටර් 02ක්, ජාවාරම්කරුවන් විසින් මාර්ග අවහිර කිරීමට යොදාගත් බාධක කඩාදමන වාහන 12ක් සහ ඩ්‍රෝන යානා යොදා ගෙන තිබේ.

ප්‍රාන්ත ආණ්ඩුකාර ක්ලෝඩියෝ කැස්ට්‍රෝ මෙම මෙහෙයුම ප්‍රාන්ත ඉතිහාසයේ විශාලතම එක ලෙස පැවසේ.

මෙහෙයුමේ අරමුණ වූයේ කමාන්ඩෝ වර්මෙලෝ (රතු නියෝගය) නම් කල්ලිය ව්‍යාප්ත වීම නැවැත්වීමයි.

අදාළ මෙහෙයුම රියෝ උතුරේ පිහිටි දුප්පත් අසල්වැසි ප්‍රදේශ දෙකක් වන කොම්ප්ලෙක්සෝ ඩ පෙන්හා සහ කම්ප්ලෙක්සෝ ඩො අල්මෙයෝ යන ප්‍රදේශවල බ්‍රසීලයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය ඉලක්ක කර ගනිමින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මකයි.

වැටලීම් ආරම්භ කර පැය ගණනකට පසු අඟහරුවාදා පස්වරුවේ රියෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල වෙඩි හඬ ඇසුණු අතර ප්‍රදේශ කිහිපයකින් දුම් පැතිර ගොස් ඇති බව සඳහන්.

ගැටුම්වල තීව්‍රතාවය සහ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන බවයි වාර්තාවල දැක්වෙන්නේ.

මෙය රියෝ ෆැවේලාවල මෙතෙක් සිදු වූ දරුණුතම වැටලීමයි. මීට පෙර 2021 දී සිදුවූ වැටලීමකින් 28 දෙනෙකු මිය ගියහ.

මෙම මෙහෙයුමේදී, කල්ලි සාමාජිකයන් ප්‍රතිප්‍රහාර දීමට ඩ්‍රෝන යානා භාවිතා කළ බවට පොලිසිය චෝදනා කරයි.

කම්ප්ලෙක්සෝ ඩා පෙන්හා හි පදිංචිකරුවෙක් නිර්නාමිකව පවසසා ඇත්තේ අපරාධකරුවන් ඩ්‍රෝන යානා මගින් ප්‍රජාවට බෝම්බ හෙලනවා දුටු පළමු අවස්ථාව මෙය බවයි.

තවද, වෙඩි තැබීම් බහුල වූ නිසා එහි වෙසෙන සියලු දෙනාම බියට පත්ව සිටියි.

ආණ්ඩුකාර ක්ලෝඩියෝ කැස්ට්‍රෝ මෙය සාමාන්‍ය අපරාධයක් නොව ‘මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයක්’ ලෙස හැඳින්වේ.

ආණ්ඩුකාර කැස්ට්‍රෝ සැක සහිත කල්ලි සාමාජිකයින් 60 දෙනෙකුගේ මරණ සංඛ්‍යාවක් වාර්තා කළේය.

‌මෙහිදී පොලිස් නිලධාරීන් හතර දෙනෙකු ද මිය ගොස් තිබේ.

රියෝ නගරය බ්‍රසීලයේ ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වුවද, අපරාධ කල්ලි විසින් පාලනය කරනු ලබන ෆැවෙලාහි පොලිස් මෙහෙයුම් නිතර සිදුවේ.

කොන්ග්‍රස් සභික හෙන්රික් වියෙරා මෙම පොලිස් මෙහෙයුම ප්‍රසිද්ධියේ හෙළාදකිමින් පවසා ඇත්තේ ‘රාජ්‍ය ආණ්ඩුව ෆැවේලා සලකන්නේ වෙඩි තැබීමට හා මරා දැමීමට බලපත්‍රයක් ඇති සතුරු භූමියක් ලෙස’ බවයි.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ (UN) මානව හිමිකම් කාර්යාලය මෙම ප්‍රචණ්ඩත්වය ගැන ‘කම්පනයට’ පත් වූ බව පැවසීය.

World News

Send your contact Details Today