මෙල්බන් නගරයේ මේ දිනවල සතිපතා විරෝධතා සහ ප්‍රචණ්ඩත්වයෙන් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
ගාසා තත්ත්වය සහ සංක්‍රමණ ගැටළු පිළිබඳ කනස්සල්ල පළ කිරීමට ජනතාව රැස් වන අතර, සාමකාමී විරෝධතා ඇතැම්විට ප්‍රචණ්ඩත්වයට හැරෙන බවයි වාර්තා වන්නේ.
පොලිසියට එරෙහිව විරෝධතාකරුවන් වීදුරු බෝතල් විසි කිරීම වැනි පහරදීම්ද වාර්තා වෙයි.
මේ හේතුවෙන් වික්ටෝරියා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව නිල නිවේදනයක සඳහන්.
මෙල්බර්න්හි දැක්වෙන ප්‍රචණ්ඩත්වය “”Cumulative extremism” යන නව රටාවක් බවයි විශ්වවිද්‍යාල මහාචාර්ය ජූලියන් ඩ්‍රූගන් පවසන්නේ.
මේ අතර මෙම විරෝධතා නව-නාසි සංවිධාන සහ එයට එරෙහිව ක්‍රියා කරන වාමාංශික කණ්ඩායම් අතර ප්‍රහාරාත්මක ගැටුම් නිසා තත්ත්වය තවත් බරපතල වී ඇති බව වාර්තා වෙයි.
මුලින් “සාමකාමී” ලෙස පැමිණෙන විරෝධතාකරුවන් ද වාචිකව හෝ ප්‍රචණ්ඩත්වය වර්ධනය කරන බව පොලිස් සංගමය පවසන්නේ.
මේ අතර අගමැතිනී ජසින්ටා ඇලන් සඳහන් කළේ, සාමකාමී විරෝධතා සහ ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් අතර පැහැදිලි සීමාවක් තිබිය යුතු බවයි.
ප්‍රචණ්ඩත්වයට නීතියෙන් පිළිතුරු ලැබිය යුතු බව ඇය අවධාරණය කළේය.
ඉදිරි තත්වය පාලනය කිරීම සශහා පොලිසිය හා රජය සාමකාමී විරෝධතා සඳහා නව මාර්ගෝපදේශ සකස් කිරීමට සැලසුම් කරන බවද වාර්තා වෙයි.