Latest News

දකුණු ආසියාව දිනූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම යළි මව්බිමට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ පැවති 2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී එහි අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම දිවයිනට පැමිණියේය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මෙම තරගාවලියේ දී රන් පදක්කම් 16ක් , රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් වශයෙන් සමස්ථ පදක්කම් 40ක් දිනාගත්හ.

මෙම තරගාවලිය ඉකුත් 24 වනදා සිට 26 වනදා දක්වා දකුණු ආසියානු කලාපයේ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ රංචි නුවර දී පැවැත් වුණේය.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (28) අලුයම 02.10ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1171 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ශ්‍රී ලංකාවට පැමිණි එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ත්‍රිවිධ හමුදාවල ක්‍රීඩා අංශ නියෝජනය කරන නිලධාරීන්, පාසැල්වල ගුරු භවතුන් සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බවයි Radio WESL ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

World News

Send your contact Details Today