මොස්කව් නගරය අවට ඇති ගුවන්තොටුපොළ හතරෙන් දෙකක් වසා දැමීමට පියවර ගෙන ඇත.
යුක්රේනය විසින් ඊයේ (26) රාත්‍රියේ සිට මොස්කව් නගරය ඉලක්ක කරමින් දිගින් දිගටම සිදු කරන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් මෙලෙස ගුවන්තොටුපොළ වසා දැමීමට රුසියානු බලධාරීන් කටයුතු කළ බව පැවසීය.
කෙසේ නමුත්, විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, පැය පහක පමණ කාලයක් තුළ යුක්රේන ඩ්‍රෝන යානා 28ක් රුසියානු ආරක්ෂක අංශ විසින් විනාශ කර ඇති බව සඳහන් වේ.