කැනඩාවට පනවා ඇති තීරුබදු යළි ඉහළ දමන බව ඇමෙරිකා ජනාධිපතිවරයා පවසයි.
කැනඩාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා තවත් 10%කින් තීරුබදු ඉහළ නැංවීමට කටයුතු කරන බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
කැනඩාව ඇමෙරිකාවේ තීරුබදුවලට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන රොනල්ඩ් රේගන් ඇතුළත් වෙළඳ දැන්වීමක් ප්‍රචාරය කිරීම මීට හේතුවී තිබේ.
එම වෙළඳ දැන්වීම වංචාවක් බවත් එය ප්‍රචාරය කළ නිලධාරීන්ට එරෙහිව කැනඩාව පියවර නොගැනීම පිළිබඳවත් ට්‍රම්ප් තම විරෝධය පළ කළේය.
ඒ හේතුවෙන් අමතර 10%ක තීරුබදු පනවන බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසා සිටියේය.
එමෙන්ම තීරුබදු සම්බන්ධයෙන් කැනඩාව සමග තිබූ සාකච්ඡාවලින් ඉවත්වීමට ද ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.