Latest News

ට්‍රම්ප්, උතුරු කොරියා නායකයා හමුවීමට කැමති බව කියයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු කොරියා නායකයා හමුවීමට කැමැත්තෙන් පසුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

තම ආසියානු සංචාරය අතරතුර මෙම හමුවීම සිදු කිරීමට නියමිත බව සංචාරය සඳහා පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් 2019 වසරේදී උතුරු කොරියාවේ සංචාරයක නිරතව තිබේ.

තමා සහ උතුරු කොරියානු නායකයා අතර ඉතා හොඳ සබදතාවක් පැවති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ට්‍රම්ප් සිය ආසියානු සංචාරයේදී මැලේසියාව සහ ජපානයේ සංචාරය කිරීමට නියමිත අතර, දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා පැසිෆික් සහයෝගීතා සමුළුව සඳහා ද සහභාගී වීමට නියමිතයි.

World News

Send your contact Details Today