Latest News

ලාංකීය යොවුන් ෆෝමියුලා ශුරයා, යෙවාන් ඩේවිඩ් තම මව් රටට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපයේ පැවති ” යුරෝ ෆෝමියුලා විවෘත ශූරතා තරගාවලියේ ” ( Euro Formula Open Championship ) අනුශූරතාවය සහ එම තරගාවලියේ ” රුකී ශූරතාවය ” (Rookie Championship ) දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් ( Yevan David ) ඊයේ (23) දින රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ලෝකයේ රටවල් 08 ධාවන පථ වල පැවති යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ අවසාන තරගය ඉතාලියේ මොන්ෂා ( Monza ) ධාවන පථයේ පවත්වා තිබූ අතර , මෙම සමස්ථ තරගාවලියේ අනුශූරතාවය , එහිදී හිමි කර ගැනීමට යෙවාන් ඩේවිඩ් සමත් විය.

යෙවාන් ඩේවිඩ් උසස් පෙළ විභාගය සදහා අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින , තවමත් 18 හැවිරිදි වියේ පසුවන පාසැල් ශිෂ්‍යයෙකි.

යෙවාන් ඩේවිඩ් ඊයේ (23) දින රාත්‍රී 10.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔහු පිළිගැනීම සදහා ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.

World News

Send your contact Details Today