ඉතාලියේ වාසය කරන උදාරා වීරසිංහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Mrs Asia International 2025 තරගය සඳහා සුදුදුසුකම් ලබා තිබේ.
වයස අවුරුදු 33ක් වන ඇය වෘතියෙන් දන්ත තාක්ෂණවේදියෙක් ලෙස ඉතාලියේ කටයුතු කරයි.
ඒ අනුව මෙම තරගයට සහභාගීවීම සඳහා ඇය මිලාන් මල්පෙන්සා (MXP) ජත්‍යාන්තර ගුවන් තොටුපොලින් තායිලන්තය බලා පිටත්වීමට නියමිතයි.
මෙම තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 30 වෙනිදා තායිලන්තයේ, බැංකොක් නුවරදීයී.
මේ අතර පසුගිය දා පැවැත්වුණු Miss & Mrs Beauty Queen Sri Lanka in Italy 2025 තරගයේ අනුශූරතාවය දිනා ගැනීමට උදාරා වීරසිංහ සමත්විය.
Mrs Asia International 2025 අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා නාමය බබලවමින් කිරුළ දිනාගැනීමට හැකි වේවායි WESL සහ RADIO WESL අප සුබපැතුම් එකතු කරමු.



