එංගලන්තයේ ෂෙෆීල්ඩ් නුවර සිදු වූ සහෝදර සිසුවෙකු ඝාතනය කිරීමට වරදකරු වූ 15 හැවිරිදි සිසුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ෂෙෆීල්ඩ් අධිකරණය ඊයේ (22) නියම කළා.
දඬුවම් ලැබුවේ මොහොමඩ් උමාර් ඛාන් නම් තරුණයෙක් වන අතර, එංගලන්ත නීති රීති අනුව ඔහුට දඬුවම ලිහිල් වීමක් ලබා ගැනීමට අවසර ලැබුණත් අවම වශයෙන් වසර 16ක් සිර දඬුවම් විඳිය යුතු වනවා.
මෙම සිදුවීම සිදු වූයේ පෙබරවාරි මස 3 වන දින ෂෙෆීල්ඩ් නගරයේ ඕල් සෙන්ට්ස් කතෝලික උසස් පාසලේ දිවා ආහාර විවේකයේදීයී.
එහිදී උමාර් ඛාන්, 15 හැවිරිදි හාවි විල්ගූස් නම් ශිෂ්‍යයාගේ පපුවට පිහියෙන් ඇනිමෙන් ඔහු මිය ගිය බවට පොලීසිය පවසනවා.
විල්ගූස් තමාව අනවශ්‍ය සමච්චලයට ලක්කිරීමෙන් ඇති වූ මානසික පීඩනය දරාගත නොහැකිව මෙම ඝාතනය කිරීමට පෙළඹුණ බව ඔහු පවසා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මස ජූරිය ඉදිරියේ ඔහු වරදකරු බවට තීරණය කළද, අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඊයේ දිනයේදීයී.
මෙම සිදුවීමෙන් පසු ඔහු ස්ථානයෙන් පලා නොගොස්, පොලීසිය පැමිණෙන විටත් එහි සිට තිබෙන අතර එවිට ඔහු පොලීසියට පවසා ඇත්තේ “මගේ ඔලුව හරියට නැහැ. මගේ අම්මා මාව හරියට බලාගන්නේ නැහැ.” ලෙසයි.