Latest News

පිළිකා අවදානමක් ඇති සැනිටයිසර්වලට යුරෝපයේ තහනමක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දෑත් සනීපාරක්ෂක (Hand Sanitizers) ඇතුළු ජීවනාශක නිෂ්පාදනවල (Biocidal Products) ක්‍රියාකාරී අමුද්‍රව්‍යයක් ලෙස එතනෝල් භාවිතය තහනම් කිරීම පිළිබඳව යුරෝපා සංගමය (EU) සලකා බලමින් සිටින බව විදෙස් වාර්තා පවසනවා.

යුරෝපයේ පිළිකා අවදානම වැඩිවීම හේතුවෙන් මෙම තහනම සලකා බලමින් සිටින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

යුරෝපා රසායන ද්‍රව්‍ය ඒජන්සියේ (European Chemicals Agency – ECHA) වැඩකරන කණ්ඩායම්වලින් එකක් විසින් ඔක්තෝබර් 10 වන දින නිකුත් කරන ලද අභ්‍යන්තර නිර්දේශයකින්, එතනෝල් විෂ සහිත ද්‍රව්‍යයක් ලෙස සලකුණු කර තිබුණා.

එමෙන්ම එමගින් පිළිකා අවදානම සහ ගර්භනී සංකූලතා වැඩි වන බවත්, පිරිසිදු කිරීමේ සහ අනෙකුත් නිෂ්පාදනවලින් එතනෝල් ඉවත් කළ යුතු බවත් එහි සඳහන් වනවා.

ECHA ආයතනය විදෙස් මාධ්‍ය වෙත දැනුම් දී ඇත්තේ, ඔවුන් දැනට ජීවනාශක භාවිතය සඳහා එතනෝල් භාවිත කිරීම පිළිබඳ තක්සේරු කරමින් සිටින බවයි.

එහි විශේෂඥ කමිටුව විසින් එතනෝල්, පිළිකා ඇති කිරීමට හෝ මිනිස් ප්‍රජනනයට හානි කිරීමට ඇති හැකියාව ඇති බව නිගමනය කළහොත්, ඊට වෙනත් ආදේශකයක් එක්කිරීමට ECHA නිර්දේශ කරන බව සඳහන්.

යුරෝපා රසායන ද්‍රව්‍ය ඒජන්සියේ ජීවනාශක නිෂ්පාදන කමිටුව නොවැම්බර් 25 සහ නොවැම්බර් 28 අතර හමුවීමට නියමිතයි.

කෙසේ වෙතත්, තක්සේරු කිරීම් තවමත් සිදුවෙමින් පවතිනවා.

මෙතෙක් කිසිදු නිගමනයකට එළඹී නොමැති බවත් ECHA සඳහන් කළා.

කමිටුවේ විද්‍යාත්මක මතය මත පදනම්ව අවසාන තීරණය, යුරෝපා කොමිසම විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දෑත් සනීපාරක්ෂාව සඳහා එතනෝල් සහ අයිසොප්‍රොපනෝල් යන දෙකම භාවිතයට ආරක්ෂිත ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වර්ගීකරණය කර ඇත්තේ.

World News

Send your contact Details Today