පාකිස්තානයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
සින්ද් හි උත්සන්න වන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් මධ්‍යයේ, නිල ඩෙංගු දත්ත සහ ප්‍රධාන රෝහල්වල සංඛ්‍යාලේඛන අතර විෂමතා හේතුවෙන් බරපතළ ප්‍රශ්න මතුවී අති බවයි වාර්තා වන්නේ.
දත්ත වාර්තා අනුව කරච්චි, හයිද්‍රාබාද් ඇතුළුව සති හයක් ඇතුළත ආසාදන 12,000 කට වැඩි සංඛ්‍යාවක් පෙන්නුම් කරන බවත් පැවසෙනවා.
පවතින තත්ත්වය හමුවේ බලධාරීන් නිහඬව සිටින බවටද චෝදනා එල්ල වනවා.
මේ මාසයේ කරච්චි නගරය වැඩිපුරම බලපෑමට ලක් වූ නගරය ලෙස පවතින බවත්, රෝගීන් 85ක් වාර්තා වී ඇති බවත් සඳහන්.