Latest News

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු බරින් අඩු දරුවන් ගැන කණගාටුදායක වාර්තාවක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු බරින් අඩු දරුවන් 187,714 ක් සිටින බව ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය විසින් නිකුත් කරන ලද නවතම 2025 පෝෂණ වාර්තාවේ සඳහන් වනවා.

ඔවුන් අතරින් ළමුන් 10,000 ක් දරුණු මන්දපෝෂණයෙන් පෙළෙන අතර, 91,000 ක් මධ්‍යස්ථ මන්දපෝෂණයෙන් පීඩා විඳින බව එහි සඳහන්.

වාර්තාව තවදුරටත් පෙන්වා දෙන්නේ රටේ පෝෂණ අර්බුදවලින් පෙළෙන වැඩිම දරුවන් සංඛ්‍යාවක් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ වාර්තා වී ඇති බවයි.

දත්ත වලට අනුව, වයස අවුරුදු පහට අඩු ළමුන් 118,658 ක් අවශ්‍ය උසට වඩා අඩු වන අතර, ළමුන් 100,938 ක් ඔවුන්ගේ උසට අවශ්‍ය බරට වඩා අඩුයි.

ඊට අමතරව, වයස අවුරුදු පහට අඩු ළමුන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ වයසට වඩා වැඩි බරකින් යුක්ත බව වාර්තා වනවා.

කුඩා දරුවන්ට බලපාන මෙම මන්දපෝෂණ අර්බුදය විසඳීම සඳහා රජය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩසටහන් ශක්තිමත් කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බව විශේෂඥයින් අවධාරණය කරනවා.

නුවරඑළිය, අනුරාධපුරය, මහනුවර, මඩකලපුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට, ගාල්ල, මාතර, මොණරාගල, කළුතර, ගම්පහ, සහ කොළඹ ඇතුළු මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් බහුල දිස්ත්‍රික්ක කිහිපයක් ද වාර්තාව මගින් හඳුනාගෙන තිබෙනවා.

World News

Send your contact Details Today