Latest News

චාල්ස් රජු සහ කැමිලා රැජින මේ සතියේ දී වතිකානුවේ ඓතිහාසික සංචාරයක

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වතිකානුවේ ඓතිහාසික රාජ්‍ය සංචාරයක කොටසක් ලෙස III වන චාල්ස් රජු සහ කැමිලා රැජින, පළමු වරට XIV වන ලියෝ පාප් වහන්සේ හමුවනු ඇති බව බකිංහැම් මාලිගය සහ ශුද්ධාසනය පැවසුවා.

ඒ අනුව මෙම රාජකීය සංචාරය ඔක්තෝබර් 22-23 දිනවල පැවැත්වීමට නියමිතයි.

ඒ හරහා කතෝලික පල්ලිය සහ චාල්ස් රජු උත්තරීතර ආණ්ඩුකාරයා වන එංගලන්ත පල්ලිය අතර මිත්‍රශීලී සබඳතා අවධාරණය කරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙම සංචාරයේ මූලිකම කොටස ඔක්තෝබර් 23 වන බ්‍රහස්පතින්දා සිස්ටයින් දේවස්ථානයේ පැවැත්වෙන කිතුනු දේව මෙහෙයක් වනවා.

එහිදී චාල්ස් සහ ලියෝ පාප් වහන්සේ වසර 500 කට පෙර හෙන්රි VIII රෝමයෙන් වෙන් වූ පසු එකට යාච්ඤා කරන පළමු බ්‍රිතාන්‍ය රජ සහ පාප් වහන්සේ බවට පත්වනු ඇති.

World News

Send your contact Details Today