ඉතාලි නිවාසවල හෝ වෙනත් පෞද්ගලික ස්ථානවල වීඩියෝ කැමරාවලින් නීති විරෝධී ලෙස ලබාගත් රූප ප්‍රකාශයට පත් නොකරන ලෙස වෙබ් අඩවියකට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව Italy’s Privacy Watchdog ආයතනය පවසනවා.
පෞද්ගලික කැමරාවලින් වීඩියෝ අනවසරයෙන් බෙදා හැරීම සම්බන්ධ ප්‍රවෘත්ති සිදුවීම්වලින් පසුව මෙම අනතුරු ඇඟවීම සිදු කළ බවයි එහි දැක්වෙන්නේ.
අධිකාරිය සඳහන් කරන අවස්ථා අතර බොහෝ විට ඉතාලි රූපවාහිනී ඉදිරිපත් කරන්නෙකු වන ස්ටෙෆානෝ ඩි මාටිනෝ ඔහුගේ සහකරු සමඟ අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කර ඇති සමීප ස්වභාවයේ වීඩියෝ දැක්විය හැකි බව පැවසෙනවා.