Latest News

ශ්‍රී ලංකාවේත් දැන් E – Gates විවෘතයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුල ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා automated border control e-gates පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා.

ගුවන් මගීන්ට ආගමන හා විගමන ක්‍රියාවලිය තුළ, වේගවත් ආරක්ෂිත සහ කාර්යක්ෂම අත්දැකීමක් ලබා දීම මෙහි මූලික අරමුණ ලෙස සැලකෙනවා.

එසේම මෙය ශ්‍රී ලංකාව, smart travel සහ digital border management කරා ගෙන යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් බව දේශීය කටයුතු හා ගුවන්යානා සේවා අමාත්‍යංශය පවසනවා.

සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ට තනි ලියාපදිංචියකින් පසු ඊ-ගේට් පද්ධතිය භාවිත කළ හැකි වන අතර, ලියාපදිංචිය සඳහා පියවර තුනක් පමණක් අනුගමනය කළ යුතු වනවා.

පළමු පියවර තුළදී එක් වරක් පූර්ව ලියාපදිංචියක් සිදු කළ යුතු වනවා. දෙවන පියවර වන්නේ ජෛවමිතික දත්ත ලබා දීමයි. ඉන්පසු ඊ-ගේට් හරහා ආගමනය හෝ විගමනය කළ හැකි වනවා.

පද්ධතියේ තොරතුරු සම්පූර්ණයෙන්ම රහසිගතව පවත්වා ගැනීම සඳහා අධිකාරිය විසින් ඉහළ ආරක්ෂක මට්ටමක දත්ත රැකවරණ මාර්ගෝපදේශ ක්‍රියාත්මක කර ඇති බවද සඳහන් කරනවා.

මෙම ඊ-ගේට් පද්ධතිය මගින් මගීන්ට ආගමන කවුන්ටරවල දිගු පෝලිම් වල රැඳී සිටීමට අවශ්‍ය නොවන බව සඳහන් වනවා.

මෙම පද්ධතියට එක් දිනක් තුළ අති විශාල මගීන් ප්‍රමාණයක් පාලනය කිරීමේ හැකියාද සහිත බව ගුවන් තොටුපළ අධිකාරිය පවසනවා.

එසේම, ඉදිරි අදියරේදී විදේශීය පුරවැසියන්ටත් මෙම පහසුකම ලබා දීම සම්බන්ධයෙන් සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බවද තොරතුරු වාර්තා වනවා.

World News

Send your contact Details Today