ලොව පුරා සෑම රැකියාවක්ම පාහේ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence -AI) විසින් වෙනස් කරන බවට දරුණු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ ඇමරිකාවේ විශාලතම පෞද්ගලික සේවා යෝජකයා වන Walmart හි ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින්.
මෙම AI විප්ලවය හේතුවෙන් රැකියා රැසක් අහිමි වීමට ඉඩ ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
Walmart යනු ඇමරිකාවේ විශාලතම පෞද්ගලික සේවා යෝජකයායි. එහි සේවකයන් ලක්ෂ 21 ක් පමණ සේවය කරනවා.
ඔවුන් ඉදිරි වසර 3 තුළ තමන්ගේ ගෝලීය සේවා බලකායේ ප්‍රමාණය මිලියන 2 කට වඩා තරමක් වැඩි මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළා. කෙසේවෙතත්, රැකියාවල ස්වභාවය වෙනස් වනු ඇති බව ඔහු කියාසිටියා.
ලෝක ප්‍රකට Ford මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෑතකදී අනාවැකි පළ කළේ, AI හේතුවෙන් අමෙරිකාවේ සමස්ත සුදු කරපටි සේවකයින්ගෙන් අඩක් පමණ ඉවත් කිරීමට සිදුවනු ඇති බවයි.
සුදු කරපටි සේවකයන් යනු කාර්යාල පරිසරයක දැනුම මත පදනම් වූ, පරිපාලන සහ කළමනාකරණ රැකියා ඉටු කරන කොට්ඨාශයයි.
ඉදිරි වසර 5 තුළ ගෝලීය වශයෙන් මිලියන 92ක පමණ රැකියා අහිමි වීමක් අපේක්ෂා කරනවා.
ඒ වෙනුවට AI විසින් මිලියන 170ක රැකියා උත්පාදනය කිරීමට අපේක්ෂා කරන බව ලෝක ආර්ථික සංසදයේ සමීක්ෂණයකට අනුව, විශාල සමාගම් 1,000ක් ඇසුරින් ලබාගත් දත්තවලින් පෙන්නුම් කර තිබෙනවා.
2023-2024 දක්වා කාලය තුළ AI-විශේෂිත කාර්ය සඳහා වන රැකියා ලැයිස්තුගත කිරීම් දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බවට දත්ත කලින් වසරේදී වාර්තා වී තිබුණා.
මෙම වෙනස්කම් භයානක වුවත්, මෙම තත්ත්වයෙන් ඉදිරියට යාමට මාර්ගයක් යෝජනා කරන අතර ඒ, AI වෙතින් පලා නොගොස්, ඒ දෙසටම යන ලෙසයි.
පුද්ගලයන් ChatGPT සහ Google ඇතුළු සියලුම AI සෙවුම් යන්ත්‍ර අවම වශයෙන් හෝ වැළඳ ගැනීමට සහ ඊට අනුගත වීමට පටන් ගත යුතු බවයි මෙම සමාගම් බලධාරීන් අවධාරණය කරන්නේ.