දෙවන චාල්ස් රජුගේ බාල සොහොයුරු වන ඇන්ඩෲ කුමරු, ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවති සම්බන්ධතා පිළිබඳ චෝදනා යළි කරළියට පැමිණීමත් සමග සිය රාජකීය පදවි නාමයන් සහ ගෞරව නාමයන් අත්හරින බව පවසනවා.
බකිංහැම් මාලිගය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් ඇන්ඩෲ කුමරු ප්‍රකාශ කර ඇත්තේ, “මා පිළිබඳ අඛණ්ඩ චෝදනා හිස් මැජස්ටිගේ සහ රාජකීය පවුලේ කටයුතුවලට බාධා ඇති කරන” බවයි.
මීට වඩා ඉදිරියට යා යුතු බවට අපට හැඟී යයි. එබැවින් මම තවදුරටත් මගේ පදවි නාමය හෝ මට පිරිනමා ඇති ගෞරව නාමයන් භාවිතා නොකරමි,” යනුවෙන් සිකුරාදා නිකුත් කළ සිය නිවේදනයේ කුමරු සඳහන් කර සිටිනවා.
“මම මීට පෙරද පැවසූ පරිදි, මා වෙත එල්ලවන චෝදනා මම තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ඔහු පවසන්නේ.
ඇන්ඩෲ කුමරු විසින් අත්හරිනු ලබන පදවි අතර, ඔහුගේ මව වූ දෙවන එලිසබෙත් රැජින විසින් 1986 දී ඔහුගේ විවාහයේදී ඔහුට පිරිනමන ලද දීර්ඝ කාලයක් තිස්සේ පැවති ‘යෝර්ක් ආදිපාද’ පදවිය ද වනවා.
එසේම ‘නයිට් ග්‍රෑන්ඩ් ක්‍රොස් ඔෆ් ද රෝයල් වික්ටෝරියන් ඕඩර්’ සහ ‘රෝයල් නයිට් කම්පැනියන් ඔෆ් ද මෝස්ට් නෝබල් ඕඩර් ඔෆ් ද ගාටර්’ ඇතුළු අනෙකුත් ගෞරව නාමයන් ද ඔහු අත්හරිනු ඇති අතර කෙසේ වෙතත්, උපතින්ම හිමි වූ ‘කුමරු’ (Prince) යන පදවි නාමය ඔහුට තවදුරටත් භාවිතා කළ හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.