දකුණු කොරියානු ශ්‍රේෂ්ඨාධිකරණය, ප්‍රකෝටිපති චේ ටේ-වොන් ඔහුගේ හිටපු බිරිඳට වොන් ට්‍රලියන 1.38ක (ඩොලර් බිලියන 1; පවුම් මිලියන 788) වන්දියක් ගෙවිය යුතු බවට පහළ අධිකරණයක් දුන් නියෝගය අවලංගු කර තිබෙනවා.
එරට මාධ්‍ය විසින් මෙය “සියවසේ දික්කසාදය” ලෙස හඳුන්වා තිබුණා.
වැරදි ගණනය කිරීමක් හේතුවෙන් යුවළගේ වත්කම්වල වටිනාකම වැඩි වූ බව සඳහන් කරමින්, නඩුව නැවත සලකා බැලීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
චේ බලගතු SK සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා වන අතර ඔහුගේ හිටපු බිරිඳ රෝ සෝ-යොං හිටපු ජනාධිපතිවරයෙකුගේ දියණියක වීම නිසා මෙම නඩුව කෙරෙහි දකුණු කොරියාවේ අවධානය යොමු වී තිබෙනවා.
2015 දී චේ සිය පෙම්වතියගෙන් දරුවෙකු බිහි කළ බවට පිළිගැනීමෙන් පසු මොවුන් දෙදෙනාගේ විවාහය දෙදරා ගියා.
වොන් ට්‍රිලියන 1.38ක වන්දි ගෙවීම 2024 දී සෝල් අගනුවර අධිකරණයක් විසින් තීරණය කළා.
එය එකල දකුණු කොරියානු ඉතිහාසයේ වැඩි ම වන්දියක් නියම වූ දික්කසාද බේරුම්කරණය ලෙසයි සැලකුණේ.