Latest News

සෞඛ්‍ය සේවකයෙකුට පහරදීම සම්බන්ධයෙන් ආර්ජන්ටිනා පැසිපන්දු ක්‍රීඩකයෙකු අත්අඩංගුවට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආර්ජන්ටිනා පැසිපන්දු ක්‍රීඩක ලූකා විල්ඩෝසා සහ ඔහුගේ බිරිඳ බොලොග්නා හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගිලන් රථ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක් වූ කාන්තා සෞඛ්‍ය සේවිකාවකට පහර දුන් බවට චෝදනා කරමින්.

පොලිසියට පැවසුවේ ගිලන් රථය තමන් යා යුතු ස්ථානය සොයා ගැනීමට, ඔවුන් දෙදෙනා රැඳී සිටි මෝටර් රථය ඉදිරියේ කෙටි වේලාවක් නතර කළ පසු කෝපයෙන් ඔවුන්ට කෑ ගැසීමට පටන් ගෙන තිබූ බවයි.

ඉන් පසුව 55 හැවිරිදි කාන්තා පරිපූරක වෛද්‍යවරියක් ගිලන් රථයෙන් පිටතට පැමිණි අතර විල්ඩෝසාගේ 26 හැවිරිදි බිරිඳ ඇයට පහර දුන් බවයි වාර්තා වන්නේ.

ඇය සෞඛ්‍ය සේවිකාවගේ කොණ්ඩය ඇද ඇගේ උගුරෙන් අල්ලා ගත් බවට වාර්තා වන අතර එම අවස්ථාවේදී 30 හැවිරිදි විල්ඩෝසා ද සම්බන්ධ වූ බව සඳහන්.

ඒ අනුව විල්ඩෝසා සහ ඔහුගේ බිරිඳට ශාරීරික හානියක් සිදු කිරීමේ චෝදනා එල්ල වී තිබනෙවා.

World News

Send your contact Details Today