Latest News

මැදපෙරදිග කලාපයේ පිහිටි එකම රුසියන් හමුදා කඳවුරේදී සිරියානු ජනාධිපතිවරයා, පුටින් හමුවෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරියානු ජනාධිපති අහ්මද් අල් ෂාරා සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් රුසියාවේ මොස්කව් අගනුවරදී පැවැත්වුණා.

ජනාධිපති අහ්මද් අල් ෂාරා, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවූයේ, රුසියාවත් සිරියාවත් අතරේ දශක ගණනක් තිස්සේ පවතින ‘මිතුදම්’ එලෙසින්ම තබා ගන්නා බව පවසමින්.

සිරියාවේ රුසියාවට අයත් ගුවන් හමුදා කඳවුරක් පිහිටා තිබෙන අතර මැදපෙරදිග කලාපයේ පිහිටි එකම රුසියන් හමුදා කඳවුර මෙයයි.

මෙම කඳවුර පවත්වාගෙන යෑමට රුසියාවට අවසර දුන්නේ, බලයෙන් නෙරපා දැමූ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුට පෙර සිරියාව බාලනය කළ අසාද්ගේ පියායි.

මෙම ගුවන් කඳවුර දිගටම පවත්නාගෙන යෑමට ද රුසියාවට අවසර දෙන බව සිරියාවේ නව ජනාධිපති අහ්මද් අල් ෂාරා අවධාරණය කර තිබෙනවා.

රුසියාව සහ සිරියාව අතරේ පවතින මිත්‍රත්වය ඉතා වැදගත් බවයි අහ්මද් අල් ෂාරා පෙන්වා දී ඇත්තේ.

සිරියානු විපක්ෂය සන්නද්ධ වී, බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව සටන් වදිද්දී, රුසියන් හමුදාවේ සහාය හිමිවූයේ අසාද්ගේ රජයට සහ හමුදාවටයි.

සිරියානු විපක්ෂයට සහාය දැක්වූ අල් කයිඩා සටන්කාමීන්ගේ නායකයා ලෙස කටයුතු කළේ අහ්මද් අල් ෂාරායි.

2024 දී විපක්ෂ කණ්ඩායම් එක් වී අසාද් පාලනය පෙරළා දැමූ අතර, ඊට නායකත්වය දුන්නේ අහ්මද් අල් ෂාරා ය. ඒ අනුව, ඔහු සිරියාවේ ජනාධිපති ධුරයට පත් වූ අතර පසුගිය දා සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවා පැවැත්වුණා.

අහ්මද් අල් ෂාරා, ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් සමඟත්, සෞදිය ඇතුළු කලාපීය මුස්ලිම් රටවල් සමඟත් සහයෝගයෙන් කටයුතු කරන අයෙක් වන අතර අල් ෂාරා, ඊශ්‍රායලය සමඟ ද යහපත් සබඳතා පවත්වාගෙන යනවා.

බලයෙන් නෙරපා දැමුණු සිරියානු ජනාධිපති අසාද් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් රුසියාවට ගෙන්වා දේශපාලන රෑකවරණය දීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළා.

ජනාධිපති අල් ෂාරා සහ පුටින් අතරේ අසාද් සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වුණා.

ඒ, එල්ල වී ඇති යුද අපරාධ සම්බන්ධයෙන් අසාද් රුසියාවෙන් සිරියාවට පිටුවහල් කරනවා ද නැද්ද යන්න සම්බන්ධවයි.

World News

Send your contact Details Today