Latest News

ඉතාලි අගමැතිනියගේ නරක පුරුද්දක් නවත්වන ලෙසට තුර්කි ජනාධිපතිගෙන් උපදෙසක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල හමාස් ගැටුම අවසන් කිරීමේ අරමුණින් ඊජිප්තුවේ රතු මුහුද ආශ්‍රිත ෂාර්ම් එල් ෂෙයින් නගරයේ පැවැත්වුණු සාම සමුළුවට සහභාගීවීමට ගිය ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනිට, එම සමුළුවට එක් වුණු තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගෙන් උපදෙසක් ලැබී තිබෙනවා.

ඒ දුම්පානය වහා නවත්වන ලෙසටයි.

48 හැවිරිදි මෙලොනි, දැඩි ලෙස දුම්පානය කරන තැනැත්තියක බව ප්‍රකටයි.

තමන් ලෝක නායකයන් සමඟ කරටකර ගැටෙමින් කටයුතු කිරීමට දුම්පානය ඉවහල් වන බව මෙලොනි හේතු වශයෙන් පවසා තිබෙනවා.

සාම සමුළුවට සමගාමීව, ඊට සහභාගී වුණු නායකයන් අතරේ සුහද හමුවක් පැවැත්වුණා.

දුම්පානය නවත්වන්නැයි තුර්කි ජනාධිපතිවරයා ඉතාලි අග්‍රාමාත්‍යවරයාට එහිදී සඳහන් කළා.

එම අවස්ථාවේ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ද එහි වූ අතර ඔහු පවසා ඇත්තේ මෙලොනිට, ඒක නම් කීයටවත් කරන්න බැරිවේවි ලෙසයි.

තුර්කියේ දුම්පානය නැවැත්වීමට තුර්කි ජනාධිපති එර්දොවාන් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

තරුණ ප්‍රජාව ද්‍රම්පානයෙන් ඈත් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවයි පැවසෙන්නේ.

2028 වසර වෙද්දී තුර්කිය දුම් වැටියෙන් තොර තැනක් කිරීම තම අරමුණ බව තුර්කි ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබෙනවා.

World News

Send your contact Details Today