Latest News

දරුවෙක් හදන හැම වතාවකටම දීමනාවක් දෙන රට මෙන්න

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියාවේ දරු උපත් අනුපාතය ඉහළ නැංවීමේ අරමුණින් ඇතැම් සමාගම් සේවකයන්ට ඩොලර් 72,000ක මුදල් දීමනා පිරිනමන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

එරටබු-යොන්ග් වැනි ඉදිකිරීම් ආයතන ඇතුළුසමාගම් දුසිම් ගණනක්තම සේවකයින්ට දරුවන් ලැබීම සඳහා විශාල මූල්‍ය දිරිගැන්වීම් ලබා දීමට පටන් ගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

දකුණු කොරියාවේ සෝල් නුවර පාදක කරගත් බු-යොන්ග් සමාගම, තම සේවකයෙකු දරුවෙකු බිහිකරන සෑම අවස්ථාවකමකොන්දේසි විරහිතව ඩොලර් 72,000ක් පමණලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙම මුදල සේවකයාගේ බැංකු ගිණුමට කෙලින්ම බැර කරන අතර රජය විසින් ඊට බදු අය නොකරන බවද එහි සඳහන්.

දරුවන් බිහිකිරීම දිරිමත් කිරීම වෙනුවෙන් මෙම සමාගම් මැදිහත්වීම් සිදුවන්නේ දකුණු කොරියාවේ උපත් අනුපාතය, කාන්තාවකට උපත්0.75%ක්දක්වා පහත වැටී ඇති පසුබිමකයි. එය ලොව වාර්තා වනඅඩුම උපත් අනුපාතයයි.

කොරියාව දැවැන්ත ජනගහන අර්බුදයකට මුහුණ දී සිටින අතර, 2072 වන විට ජනගහනය 1/3 පමණ හැකිලෙනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

මෙම ජනගහන අර්බුදයේ දැවැන්ත ඇඟවුම් අතර ශ්‍රම බලකාය හැකිලීම, බදු ආදායම පහත වැටීම සහ රට ආරක්ෂා කිරීමට හමුදාවට බැඳීමට ප්‍රමාණවත් පිරිසක් නොසිටීම ද ඇතුළත්.

වසර ගණනාවක් තිස්සේ දරුවන් බිහිකිරීම දිරිගැන්වීම රජයේ ප්‍රමුඛතාවයක් වී තිබෙනවා.හිටපු ජනාධිපතිවරයා ජාතික ජන විකාශනය පිළිබඳ හදිසි අවස්ථාවක් ද ප්‍රකාශයට පත් කළා. එරට රජය ගැටලුව විසඳීම සඳහා ඩොලර් බිලියන සිය ගණනක් වැය කරමින් සිටිනවා.

දකුණු කොරියාවේ ඉලක්කය වන්නේ 2030 වන විට උපත් අනුපාතය 1%දක්වා ඉහළ නැංවීමයි.

ජනගහන ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී කැත්ලීන් මොගුල්ගාඩ්පවසන්නේ, දරුවන් ලැබීම පිළිබඳ තීරණ ගැනීම ඉතා සංකීර්ණ බවත්, එය සංවර්ධිත රටවල දරුවන් ඇති දැඩි කිරීමේදී මිල අධික වියදම්පමණක් නොව, ජීවන සබඳතා, වේලාව සහ පෞද්ගලික තීරණ ගණනාවක් ද ඊට බලපාන බවයි.

ඕස්ට්‍රේලියාව සහ හංගේරියාව වැනි රටවල් අතීතයේදී මුදල් දීමනා ලබා දී උපත් අනුපාතවලකෙටි කාලීන ඉහළ යාම් දුටුවද, ඒවා පසුව නැවත පහත වැටුණා.

විශේෂඥයින් පවසන්නේ මෙලෙස මුදල් දීමනා ලබාදීම ස්ථිර විසඳුමක් නොවන බවයි.

World News

Send your contact Details Today