Latest News

මැඩගස්කර හමුදාව විසින් එරට පාලනය අත්පත්කර ගනියි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැඩගස්කර හමුදාව විසින් එරට පාලනය අත්පත්කර ගෙන තිබෙනවා.

මැඩගස්කරයේ තරුණයින් ප්‍රමුඛ එරට විරෝධතා හමුවේ මැඩගස්කරයේ ජනාධිපති Andry Rajoelina පලාගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම විරෝධතා සඳහා විරෝධතාකරුවන්ට මැඩගස්කරයේ ආරක්ෂක හමුදාවලද සහාය ලැබී තිබෙනවා.

එවන් පසුබිමක මැඩගස්කර හමුදාව එරට පාලනය භාරගෙන ඇති බවයි හමුදා කර්නල්වරයෙකු ඊයේ ප්‍රකාශ කළේ.

මේ අතර මැඩගස්කරයෙන් පලාගිය ජනාධිපතිවරයාට ධුරයෙන් පහකිරීම සඳහා දෝෂාභියෝගයක් ගෙන ඒමටද මැඩගස්කරයේ පාර්ලිමේන්තුව විසින් කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මැඩගස්කරයේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ, පාර්ලිමේන්තුව විසුරුවා ඇති පසුබිමක දෝෂාභියෝගය ගෙන එම ව්‍යවස්ථා විරෝධී බවයි.

World News

Send your contact Details Today