අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්, විපක්ෂ නායක සූසන් ලේ සහ ඇතුළු ප්‍රසිද්ධ නායකයන්ගේ පුද්ගලික දුරකථන අංක අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
අමෙරිකානු දත්ත සමාගමක් AI තාක්ෂණය භාවිතා කරමින් මෙම දුරකථන අංක සහ විද්‍යුත් තැපැල් ලිපින සොරකම් කර, එය සියලු දෙනාට දැකගත හැකි පරිදි වෙබ් අඩවියක් තුළ පළ කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියානු රජය මේ පිළිබඳව දැනුවත්ව ඇති බව වැඩ බලන අග්‍රාමාත්‍ය රිචඩ් මාල්ස් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.
ඔහු කියා සිටියේ මේ පිළිබඳව සියලු අධිකාරීන් දැනුවත් කර ඉහළ මට්ටමේ විමර්ශනයක් ආරම්භ කර අති බවයි.
මේ අතර, හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරීසන්, හිටපු විදේශ කටයුතු ඇමති ජූලි බිෂොප් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාරික දුරකථන අංකද එම වෙබ් අඩවිය මගින් පළ කර ඇති බවද වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් බොහෝ පාර්ශවන්ගෙන් චෝදනා එල්ල වන්නේ LinkedIn සමාගමට වන අතර සමාගම එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
LinkedIn ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සාමාජිකයන්ගේ පෞද්ගලික දත්ත අවසර නොමැතිව භාවිතා කිරීම තහනම් වන අතර, මේ පිළිබඳව සමාගමට කිසිදු සම්බන්ධයෙන් නොමැති බවයි.