මැදපෙරදිග කලාපයේ තිරසාර සාමයක් ඇති කිරිමට ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෝක නායකයින් සමග විශේෂ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා කටාර්, ඊජිප්තු හා තුර්කි රාජ්‍ය නායකයින් අතරයි මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ.
මැදපෙරදිග කලාපය තුළ තිරසාර සාමයක් ඇතිකිරිමට මෙම ගිවිසුම ඉවහල්වනු ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසනවා.
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම ආරම්භ විමත් සමග දෙපාර්ශවයේම ප්‍රාණ ඇපකරුවන් හා සිරකරුවන් නිදහස් කිරිම ඊයේ (13) සිදුවුණා.
මේ වනවිට නිදහස් කෙරුණු පලස්තීන සිරකරුවන් තම පවුලේ සාමාජිකයින් සමඟ එක්ව සිටින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම හමාස් සංවිධානය භාරයේ සිටි ඊශ්‍රායල හමුදා සෙබළුන් 20 දෙනෙකු හා ජිවිතක්ෂයට පත්වු 4 දෙනෙකුගේ සිරුරු නැවත භාරදි ඇති බව ද සඳහන්.
2023 වසරේ ඔක්තෝම්බර් මස 07 වනදා සිට මේ දක්වා දෙපාර්ශවය අතර හටගත් ගැටුම් වලින් ඊශ්‍රායල ජාතිකයින් 1,139 දෙනෙකු හා පලස්තින වැසියන් 68,000 කට ජිවිත අහිමි වුණා.