2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය අද (14) පැවැත්වෙනවා.
කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (14) පස්වරු 3:00ට ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගි වන තෙවැනි තරගය මෙය වන අතර මේ දක්වා ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීම සඳහා මෙම තරගයේ ප්‍රතිඵලය තීරණාත්මක වනවා.
ශ්‍රී ලංකාව ඉන්දියාව සහ එංගලන්තය හමුවේ තරග 2ක් පරාජය වූ අතර ඔස්ට්‍රේලියාව සමඟ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුණා.
නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ තරග 3 අතරින් එක් තරගයක් ජයගෙන තරග 3ක් පරාජයට පත්ව තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව එක් ප්‍රසාද ලකුණක් සමගින් සමගින් ප්‍රසාද ලකුණු සටහනෙහි 7වැනි ස්ථානයට පත්ව ඇති අතර නවසීලන්තය ප්‍රසාද ලකුණු 2ක් සමඟ සටහනෙහි 5වැනි ස්ථානයේ පසු වනවා.
මේ අතර 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගය දකුණු අප්‍රිකාව කඩුලු 3කින් ජය ගත්තා.
ඉන්දියාවේ විසාකාපට්නම්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 232ක්.
ලකුණු 233ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව තරගය ජය ගත්තේ පන්දුවාර 49යි පන්දු 3කදී කඩුලු 7 ක් දැවී සිටියදීයි.