Latest News

නොමිලේ වීසා හිමි විදේශිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමේදී හෙට සිට අනිවාර්ය වන දෙයක් ගැන දැනුම්දීමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නොමිලේ සංචාරක වීසා බලපත්‍ර සඳහා සුදුසුකම් ලබන සියලුම විදේශීය ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ අනුව ‍හෙට (15) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අවසර පත්‍රය ලබාගැනීම අනිවාර්යය කර තිබෙන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවට පැමි‍ණීමේ දී නොමිලේ සංචාරක වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලබන සියලුම රටවල විදේශිකයින් ඒ අනුව මෙම අවසර පත්‍රය ලබාගත යුතුයි.

මේ අතර අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබෙනවා.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දෙවන අදියර යටතේ මෙම සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇති අතර එහිදී අවදානම් දර්ශක කිහිපයක් එකතු කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ ඇතිවන නොසන්සුන්තාවයන්, ත්‍රස්තවාදය සහ බිම්බෝම්බ යන යනාදි කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව අමෙරිකාව සිය සංචාරක උපදේශනය මඟන් දැනුම් දී තිබෙනවා.

World News

Send your contact Details Today