පියයුරු පිළිකා එන්නතක් සොයා ගැනීමේ ආසන්නයේ සිටින පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය නෝරා ඩිසිස් පවසනවා.
ඒ අනුව ඉදිරි දශකය තුළ එන්නත් සම්මත පිළිකා ප්‍රතිකාර ක්‍රියාවලියේ කොටසක් බවට පත්වනු ඇති බවයි වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිළිකා එන්නත් ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ඩිසිස් විශ්වාසය පළ කරන්නේ.
බොහෝ රටවල පිළිකා රෝගයෙන් මිය යන කාන්තාවන්ගේ මරණයට ප්‍රධානතම හේතුව පියයුරු පිළිකාවයි.
වර්තමානයේ, ලොව පුරා කාන්තාවන් 20 දෙනෙකුගෙන් එක් අයෙකු ඔවුන්ගේ ජීවිත කාලය තුළ රෝගය පවතින බව හඳුනා ගන්නා බව පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර ආයතනය පවසනවා.
විවිධ ප්‍රවේශයන් භාවිත කරමින් ලොව පුරා ක්‍රියාකාරී පියයුරු පිළිකා එන්නත් අත්හදා බැලීම් 50කට වඩා සිදුවෙමින් පවතින බැවින් බලාපොරොත්තුවක් තබා ගත හැකි බවයි පියයුරු පිළිකා පර්යේෂණ පදනම පවසන්නේ.
එම එන්නත්වලින් 5ක් දියුණු මට්ටමේ පවතින ක්‍රියාකාරී අත්හදාබැලීම් වනවා.
පසුගිය මාස 18 තුළ එන්නත් අත්හදාබැලීම්වල විශාල වර්ධනයක් දක්නට තිබේ. මෙයට හේතුව ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාරවල දියුණුවයි.
එය රෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරයේ ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය යොදා ගන්නා විප්ලවීය ප්‍රතිකාරයක් වනවා.
ඊට අමතරව පිළිකා රෝගීන්ගෙන් ලබා ගත් දත්ත කට්ටල දස දහස් ගණනක් විශ්ලේෂණය කළ හැකි කෘත්‍රිම බුද්ධියේ වර්ධනය ද ඊට බලපා තිබෙනවා.
එන්නතක් නිපදවීමෙන් ලෝකයට ඇති විය හැකි සැබෑ බලපෑම, වයස අවුරුදු 30 දී මව්කිරි නාලවල හට ගන්නා පියයුරු පිළිකාවක පූර්ව අදියර වන ductal carcinoma in situ (DCIS) පවතින බව හඳුනාගත් රංගන ශිල්පිනී වික්ටෝරියා එකනෝයේගේ අත්දැකීම් මගින් පෙන්නුම් කෙරෙනවා.
මෙම එන්නත් මගින් එම පිළිකා සෛලවල පමණක් ඇති සලකුණු හෝ ප්‍රතිදේහ විනාශ කරන ප්‍රෝටීන හෝ ප්‍රතිදේහ නිපදවීමට ශරීරයට උපදෙස් දෙනු ලබනවා.