Latest News

Windows 10 සහාය අවසන් වන දිනය ගැන දැනුම්දීමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සිය Windows 10 මෙහෙයුම් පද්ධතිය සඳහා ලබා දුන් සහාය කටයුතු නිල වශයෙන් අවසන් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, එළඹෙන ඔක්තෝබර් 14වන බදාදා දිනයෙන් පසු Windows 10 පරිගණකවල ආරක්ෂාව අවදානමකට ලක්විය හැකි බවයි විදෙස් මාධ්‍යවල සඳහන් වන්නේ.

මෙයට හේතුව Windows 10 ආරක්ෂක යාවත්කාලීන කිරීම් නතරවන අතර, ඒ හේතුවෙන් එම උපාංග ප්‍රහාරයන්වලට ගොදුරු වීමේ අවදානම වෙනවා.

මේ වනවිට මයික්‍රොසොෆ්ට් සමාගම Windows 11 නොමිලේ යාවත්කාලීන කිරීම සඳහා ජනතාව දිරිමත් කරමින් සිටින බවයි පැවසෙන්නේ.

නමුත් සියලුම පරිගණක සඳහා එය කළ නොහැකියි.

Windows යනු ලෝකයේ වඩාත්ම ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය වන අතර, ගෝලීය වශයෙන් උපාංග බිලියන 1.4කට අධික උපාංග ප්‍රමාණයක මෙය භාවිතා වෙන බවයි විදෙස් මාධ්‍යන් හී සඳහන් වන්නේ.

2025 ජූලි වනවිට මෙම උපාංගවලින් 43%ක් පමණ තවමත් Windows 10 භාවිතා කරන බව විදෙස් මාධ්‍යවල සඳහන්.

සැප්තැම්බර් මාසයේදී සමීක්ෂණයක් පවත්වා ඇති අතර, එම සමීක්ෂණයක් හෙළි වී ඇත්තේ, හතරෙන් එකක් පමණ මයික්‍රොසොෆ්ට් හි නිල සහාය අවසන් වූ පසුවත් එය දිගටම භාවිතා කරගෙන යාමට සැලසුම් කර ඇති බවයි.

හත් දෙනෙකුගෙන් එක් අයෙක් පමණ නව පරිගණකයක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍යන්වල සඳහන් වන්නේ.

අනෙකුත් පාරිභෝගික කණ්ඩායම් Windows 10 සහාය අවසන් කිරීම විවේචනය කර තිබෙන අතර, එය අනවශ්‍ය වියදම් සහ පාරිසරික නාස්තියකට තුඩු දෙනු ඇතැයි පවසා තිබෙන බවයි සඳහන් වන්නේ.

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මේ වනවිට පුද්ගලික පරිශීලකයන් සඳහා ප්‍රධාන විකල්ප දෙකක් ලබා දී තිබෙනවා.

ඒ අනුව, Windows 11 මෙහෙයුම් පද්ධතිය ධාවනය කිරීමට සුදුසුකම් ඇති පරිගණක හිමියන්ට නොමිලේ යාවත්කාලීන කිරීමක් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.

මෙය ඔබේ පරිගණකයේ “Privacy and Security” (පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව) කොටසේ “Settings” (සැකසුම්) තුළින් සිදු කරගත හැකියි,

කෙසේ වෙතත්, නව මෙහෙයුම් පද්ධතියවන Windows 11 කිරීමට නොහැකි තරම් පැරණි උපාංග හිමි බොහෝ දෙනෙකුට, තමන්ගේ පවතින පරිගණක හොඳින් ක්‍රියාත්මක වුවද, අලුත් උපාංග මිලදී ගැනීමට සිදුවන බවයි ප්‍රොක්ටර් විදෙස් මාධ්‍යන් වෙත පෙන්වා දෙන්නේ.

ඔබට යාවත්කාලීන වීමට අවශ්‍ය නැතිනම් හෝ ඔබේ උපාංගය Windows 11 සඳහා පැරණි වැඩි නම්, 2026 ඔක්තෝබර් මාසය දක්වා වඩාත්ම වැදගත් ආරක්ෂක යාවත්කාලීන කිරීමක් දිගටම කරගෙන යන යෝජනා ක්‍රමයකට ලියාපදිංචි විය හැකියි.

මෙය Extended Security Updates (ESU) ලෙස හැඳින්වෙනවා.

නමුත් මෙයට කිසිදු තාක්ෂණික සහායක් හෝ වෙනත් මෘදුකාංග යාවත්කාලීන කිරීමක් ලබා නොදෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, Windows 11 සඳහා සහ ESU යාවත්කාලීන සඳහාද Microsoft ගිණුමක් තිබීම අනිවාර්ය කර තිබීම, පෞද්ගලිකත්වය ගැන සැලකිලිමත් වන සමහර පරිශීලකයින්ට ගැටලුවක් වී තිබෙනවා.

World News

Send your contact Details Today