මිලාන්හි රෝගීන් සහ වෛද්‍යවරුන් සම්බන්ධ කරන ‘Paziente Consapevole’ නම් පුද්ගලික වේදිකාවට හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය සේවා, පරීක්ෂණ සහ ඖෂධ සඳහා හිඟ මුදල් ගෙවන ලෙස ඉල්ලා පුරවැසියන් සිය ගණනකට විද්‍යුත් තැපැල් පණිවිඩ මාලාවක් යවා තිබෙන බව සඳහන්.
මිලාන්හි නීතිපති එන්රිකෝ පැවෝන් විසින් සඅදාළ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතර ඔහු පවසන්නේ මෙය බොහෝ විට නැගෙනහිර යුරෝපයෙන් පැමිණි හැකර් ප්‍රහාරයක් විය හැකි බවයි.