Latest News

හැකර්වරුන් පිරිසකට එරෙහිව FBI වෙතින් දැඩි පියවර

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මිලියන ගණනක ඔස්ට්‍රේලියානුවන්ගේ දත්ත හෙළිදරව් කළ Qantas හැක් කිරීමට වගකිව යුතු කණ්ඩායමේ වෙබ් අඩවි කිහිපයක් එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය විසින් අත්පත් කරගෙන ඇති බව වාර්තා වනවා.

ජූලි මාසයේදී, සයිබර් අපරාධකරුවන් මැනිලා හි Qantas පිටත ඇමතුම් මධ්‍යස්ථානයක් හරහා Salesforce මෙහෙයුම් පද්ධතියකට ප්‍රවේශ වීමෙන් අතිවිශාල පුද්ගලික වාර්තා සමූහයකට ප්‍රවේශ වුණා.

ඉන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 5.7 කගේ දත්ත නිරාවරණය වූ අතර, ඔවුන්ගේ නම්, දුරකථන අංක, නේවාසික ලිපින, email addresses, උපන් දින සහ නිතර සංචාරය කරන්නන්ගේ විස්තර ඇතුළු තොරතුරු සොරකම් කරනු ලැබුවා.

හැක් කිරීමේ වගකීම භාරගත් Scattered Lapsus$ Hunters කණ්ඩායම, Qantas ඇතුළු තවත් සමාගම් 39 කට පමණ සිකුරාදා වන විට මුදල් ගෙවන්නැයි තර්ජනය කර තිබුණා.

නැතහොත් ඔවුන්ගේ පාරිභෝගික තොරතුරු “Dark Web” තුළ පළ කරන බවටයි ඔවුන් බලපෑම් කළේ.

මේ වනවිට, FBI, ප්‍රංශයේ සයිබර් අපරාධ පිළිබඳ මධ්‍යම බලකාය සහ පැරිස් පරිපාලන නීති අධිකාරිය එක්ව කණ්ඩායමට සම්බන්ධ දත්ත අඩවි අත්පත් කරගෙන ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, හැකර්වරුන් Telegram හරහා ප්‍රතිචාර දක්වමින් “ Domain එක අල්ලා ගැනීමෙන් අපගේ මෙහෙයුම්වලට බලපෑමක් නැහැ try harder FBI ” යනුවෙන් පණිවිඩයක් පළ කර තිබු බවයි සඳහන් වන්නේ.

එහෙත් පසුව එම පණිවිඩය ද ඉවත් කර ඇති බව වාර්තා වුණා.

World News

Send your contact Details Today