Latest News

🏏 ICC Women’s World Cup 2025: සිංහ ධේනුවන්ට අද තීරණාත්මක සටනක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද (11) පැවැත්වෙනවා.

එංගලන්ත කාන්තා කණ්ඩායම සමඟ මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ අවස්ථා 20 කදී එකිනෙකා හමු වී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවට එංගලන්ත පරදා ජයගැනීමට හැකිව ඇත්තේ එක් තරගයක් පමණයි.

මෙවර කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන තුන්වන තරගය මෙය වන අතර, ශ්‍රී ලංකාව පසුගිය සැප්තැම්බර් 30 වනදා සහභාගී වූ පළමු තරගය ඉන්දියාව හමුවේ පරාජයට පත් වුණා.

කෙසේ වෙතත් ප්‍රබල ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර පසුගිය 04 වනදා පැවති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමන්නට සිදු වුණා.

ඒ, අනුව පළමු තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව තවත් තරගයක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට දිගු කාලයක් බලා සිටීමට සිදුවීම ද විශේෂත්වයක්.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ එංගලන්තය දෙවන ස්ථානයේ පසුවන අතර, ඔවුන් සහභාගී වූ තරග දෙකම ජයගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව එහි පසුවන්නේ 07 වන ස්ථානයේ යි.

World News

Send your contact Details Today