“කඩු මකරා” නමින් හැඳින්වෙන ඉපැරණි උරග විශේෂයකට අයත් පොසිලයක් එංගලන්තයේ ඩෝර්සෙට් හි ජුරාසික් වෙරළ තීරයෙන් හමුවී තිබෙනවා.
අදාළ පොසිල සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකළ විද්‍යාඥයින් පවසන්නේ හිසට සිදුවූ දෂ්ට කිරීමකින් අදාළ සත්ත්වයා මිය ගොස් ඇති බවයි.
මෙම සත්ත්ව විශේෂයට අයත් පොසිලයක් 2001 දී ප්‍රථම වරට සොයා ගෙන තිබූ අතර එය මේ වනවිට කැනඩාවේ කෞතුකාගාරයක තැන්පත් කර තිබෙනවා.