Latest News

Apple සමාගමේ ලොකුම පුටුව සෙළවෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකයේ තාක්ෂණික දැවැන්තයන් අතර මුලින්ම සිටින ඇපල් සමාගමේ දිගු කලක් තිස්සේ ප්‍රධානත්වය දැරූ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට විදෙස් වාර්තා පවසනවා.

Apple සමාගම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4ක තාක්ෂණික දැවැන්තයෙක්.

වසර 14 ක් පුරා ඇපල් හි තීරණ ගැනීමේ බලය, ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් විසින් තදින් අල්ලාගෙන සිටියා.

කෙසේ වෙතත්, ඔහුගේ 65 වැනි උපන්දිනයට ඇත්තේ මාසයකටත් අඩු කාලයක්.

දිගු කලක් තිස්සේ නායකයා ලෙස කටයුතු කළ ඔහු ඉල්ලා අස්වීමට සූදානම් වන බවට කටකතා පැතිරෙන්නට පටන් අරන්.

2011 දී ස්ටීව් ජොබ්ස් පිටත්ව ගිය පසු ඇපල් හි ඉහළ නායකත්වය කැපී පෙනෙන ලෙස ස්ථාවරව පැවතුණා.

එහෙත් ටිම් කුක්ගේ ඉල්ලා අස්වීම විශාල පරිවර්තනයකට හේතු විය හැකි බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

සමාගම තුළ මීළඟට කවුරු පත්කරන්නේද යන්න පිළිබඳ විධිමත් සැලැස්මක් නොමැති නමුත්, ප්‍රධාන පුද්ගලයන් කිහිප දෙනෙකු දැනටමත් අනුමාන කර තිබෙන බව සඳහන්.

වරක්, ඇපල් මුල් පුටුවේ ඊළඟට සිටිනු ඇතැයි සලකනු ලැබුවේ එහි මෙහෙයුම් ප්‍රධානියා (COO) වූ ජෙෆ් විලියම්ස්.

ටිම් කුක්ගේ දෙවනියා ලෙස දශකයක් සේවය කිරීමෙන් පසු සහ අතිශයින් සාර්ථක Apple Watch එළිදැක්වීම අධීක්ෂණය කිරීමෙන් පසු, විලියම්ස් (62) ස්වභාවික අනුප්‍රාප්තිකයා ලෙසයි සැලකෙන්නේ.

කෙසේ වෙතත්, විලියම්ස් මෙම ඉහළම භූමිකාව අත්හැර ලබන වසරේ සමාගමෙන් ඉවත් වීමට සූදානම් වන බව ජූලි මාසයේදී නිවේදනය කිරීමත් සමඟ එය වෙනස් වුණා.

වඩාත්ම පැහැදිලි අපේක්ෂකයා හදිසියේම ඉවත් වීමත් සමඟ, ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා ප්‍රධාන තරඟකරුවා වන්නේ වත්මන් දෘඪාංග ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (SVP) ජෝන් ටර්නස් බව බ්ලූම්බර්ග් පුවත් වාර්තා කරනවා.

ටර්නස් 2001 දී ඇපල් හි නිෂ්පාදන ඉංජිනේරු කණ්ඩායමට සම්බන්ධ වූ දා සිට, ඔහු නවතම iPhone පරම්පරාවේ සිට ඉතා සාර්ථක AirPods දක්වා, ඇපල් හි වත්මන් පෙළගැස්මේ සෑම ප්‍රධාන නිෂ්පාදනයකම පාහේ දෘඪාංග සඳහා දායක වී තිබෙනවා.

ඔහු 2013 දී උප සභාපති තනතුරට උසස් කරන ලද අතර, Apple හිමිකාර චිප්ස් සංවර්ධනය කිරීමේදී ඔහු ප්‍රධාන දායකත්වය දැක්වූවෙක්.

වයස අවුරුදු 50 ක් වන ටර්නස්, ටිම් කුක් ඉහළම තනතුරට පත් වූ විට සිටි වයසේම සිටින්නෙක්. මෙය අවම වශයෙන් ඉදිරි දශකය සඳහා ස්ථාවර නායකත්වයක් සඳහා මඟ සලසන බවයි ඇතැමුන්ගේ අදහස වන්නේ.

AI හි බරපතල අසාර්ථකත්වය (Apple Intelligence) හේතුවෙන් Apple නවීන තාක්‍ෂණයන්හි වේගය පවත්වා ගැනීමට අරගල කරන බැවින්, ඉහළ තාක්ෂණික පසුබිමක් ඇති අයෙකු තෝරා ගැනීමසමාගමට බුද්ධිමත් පියවරක්.

විශ්ලේෂකයින් අපේක්ෂා කරන්නේ ඇපල් මෘදුකාංග සමඟ ගැටීම පසකෙලා දෘඪාංග කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවයි.

පසුගිය දශකය තුළ සිදු වූ සෑම ප්‍රධාන ඇපල් තාක්ෂණික ඉදිරි ගමනකදීම ටර්නස්ට ඇති අත්දැකීම ඔහු වඩාත් පැහැදිලි තේරීමක් බවට පත් කළ හැකියි. ඇපල් විසින් ටර්නස් ප්‍රසිද්ධියට පත්කිරීමට ගත් හදිසි පියවර, අනුප්‍රාප්තිය සඳහා සමාගමේ PR කණ්ඩායම විසින් ඔහුව සූදානම් කරන බවක් පෙන්විය හැකියි.

නව නිෂ්පාදන එළිදැක්වීමේදී, වසර ගණනාවක සමාගමේ විශාලතම නවෝත්පාදනය වන iPhone Air ඉදිරිපත් කිරීමේ වගකීම ඔහුට පැවරී තිබුණා.

මෙම සාක්ෂි අනුව ටර්නස් ඇපල් හි ඊළඟ ප්‍රධාන විධායක නිලධාරියා වීමට හොඳම තේරීම ලෙස නම් කරන්නේ Bloomberg වාර්තාවකින්.

කෙසේවෙතත්, මෙම ලොකු පුටුව ලබා ගැනීමට අවස්ථාවක් ඇති තවත් තරඟකරුවන් කිහිප දෙනෙක් සිටිනවා.

56 හැවිරිදි ක්‍රේග් ෆෙඩරිගි, 62 හැවිරිදි ග්‍රෙග් ජොස්වියාක්, 60 හැවිරිදි ජෝන් ජියාන්නැන්ඩ්‍රියා මයික් රොක්වෙල් ඒ තරගකරුවන් බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

World News

Send your contact Details Today