Latest News

බංග්ලාදේශයේ දේශීය ක්‍රිකට් වර්ජනයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ සමූහයක් සියලුම දේශීය තරගාවලි වර්ජනය කිරීමට තීරණය කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCB) සභාපතිවරයා තෝරා ගැනීමේදී “බලපෑම් හා අක්‍රමිකතා” සිදුවූ බවට චෝදනා කරමින්.

ඩකා ක්‍රීඩා සමාජ සංවිධායකයන්ගේ සංගමය විසින් BCB මැතිවරණය සහ නව සභාපති අමිනුල් ඉස්ලාම්ගේ පත්වීම “නීති විරෝධී” බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.

මොහොමදන් ස්පෝර්ටින් ක්ලබ් ඇතුළු ප්‍රධාන ක්‍රීඩා සමාජ 38ක පමණ සහාය ඇති මෙම වර්ජනය දිස්ත්‍රික් මට්ටමේ තරගාවලි දක්වා පුළුල් කිරීමට නියමිතයි.

මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ නිලවරණයේ විනිවිදභාවය පිළිබඳ නැගෙන ප්‍රශ්න බව සඳහන්.

World News

Send your contact Details Today