Latest News

ඔලිම්පික් කොන්ත්‍රාත්තුවලට බලපෑම් කිරීමට තැත් කළ තිදෙනෙකු අත්අඩංගුවට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මිලානෝ කෝර්ටිනා 2026 ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා කොන්ත්‍රාත්තු ලබා ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ අපරාධ කල්ලියක සාමාජිකයින් තිදෙනෙකු අරාබිනියරි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දිස්ත්‍රික් මාෆියා විරෝධී අධ්‍යක්ෂ මණ්ඩලයේ (DDA) ඉල්ලීම පරිදි වැනීසියේ නඩු පවරන්නන් විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු රෝමයේ, කෝර්ටිනා ඩි ඇම්පෙසෝ සහ බෙලූනෝ හි ක්‍රියාත්මක කරමින්.

සැකකරුවන්ට මාෆියා ක්‍රම භාවිතා කරමින් කප්පම් ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

ඔවුන්ගෙන් දෙදෙනෙකු වන ලියෝපෝල්ඩෝ සහ ඇල්විස් කොබියන්චි සහෝදරයන්, රෝම පාපන්දු ලැසියෝ කණ්ඩායම්වල හිටපු සාමාජිකයන් බවයි වාර්තා වන්නේ.

එම කණ්ඩායමේම ප්‍රධානියා වූයේ 2019 අගෝස්තු මාසයේදී රෝමයේදී ඝාතනය කරන ලද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ෆැබ්රිසියෝ පිස්කිටෙලියි.

මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක කොටසක් ලෙස සැලකෙන සැකකරුවන්, කෝර්ටිනා ඩි ඇම්පෙසෝ හි සමහර ස්ථානවල සෘජු හා වක්‍ර කළමනාකරණය දැනටමත් අත්පත් කරගෙන ඇති බවයි නඩු පවරන්නන් පවසන්නේ.

World News

Send your contact Details Today