අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාසලක සිසුවෙකු තම මිතුරා මරා දැමීමට ChatGPT වෙතින් උපදෙස් ඉල්ලා ඇති පුවතක් වාර්තා වනවා.
වයස අවුරුදු 13 ක් වන මෙම සිසුවා පාසලේ පන්තිය මැද සිටියදී “how to kill my friend”යන පණිවිඩයක් OpenAI හි ChatGPT වෙත යවා තිබෙනවා.
Gaggle නමින් හැඳින්වෙන ආරක්ෂණ මෘදුකාංගය එය වහාම වාර්තා කර ඇති අතර පසුව සිසුවා හඳුනාගෙන අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු පොලිසිය වෙත පවසා ඇත්තේ තමා මිතුරෙකුට විහිළුවක් කළ බවයි.
කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ පාසල් ප්රචණ්ඩත්වය පිළිබඳ සංවේදී ඉතිහාසය සැලකිල්ලට ගෙන නිලධාරීන් සිසුවාගේ ප්‍රකාශය සැබෑ අනතුරක් ලෙස සැලකිල්ලට ගෙන තිබෙනවා.
වොලුසියා ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය (Volusia County Sheriff’s Office) තහවුරු කර ඇත්තේ අදාළ සිසුවා යොවුන් සංරක්ෂණ මධ්‍යස්ථානයකට යොමු කර ඇති බවයි.