Latest News

ඊශ්‍රායල – පලස්තීන ගිවිසුම එක්සත් ජාතික මහලේකම් ගත් තීරණය මෙන්න

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති කරගත් නව ගිවිසුම පිළිගන්නා බව විදෙස් මාධ්‍ය පවසනවා.

අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද සාම සැලැස්මේ පළමු අදියර සඳහා ඊශ්‍රායලය සහ හමාස් යන දෙපාර්ශවයම එකඟතාව පළ කර ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද නිවේදනයෙන් පසුව ගුටරෙස් මෙම ප්‍රකාශය නිකුත් කර තිබෙනවා.

මහලේකම්වරයා සඳහන් කළේ, සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහතික කරන මෙම ගිවිසුම සාදරයෙන් පිළිගන්නා බවයි.

ගිවිසුමේ කොන්දේසිවලට දෙපාර්ශවයම පූර්ණ වශයෙන් අනුකූල විය යුතු බවටත්, සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කළ යුතු බවටත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.

තවද, මෙම ගිවිසුම සදාකාලික සටන් විරාමයක් සඳහාත්, වාඩිලා ගැනීම අවසන් කිරීම සඳහාත්, පලස්තීන ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගනිමින් දෙරට විසඳුමක් කරා යන විශ්වාසනීය දේශපාලන මාවතක් ඇති කිරීම සඳහාත් මෙය මහඟු අවස්ථාවක් ලෙස සැලකිය යුතු බවයි ගුටරෙස් වැඩිදුරටත් පවසා සිටින්නේ.

World News

Send your contact Details Today