ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති, දකුණු කැලිෆෝනියාවේ ජීවත් වූ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකුගේ මරණය පිළිබඳව කටාර් ගුවන් සේවයට විරුද්ධව ඔහුගේ පුත්‍රයා නඩුවක් ගොනු කර තිබෙනවා.
ඒ ගමන අතරතුරදී විශේෂඥ වෛද්‍යවරයාට තමන් කලින් ඇණවුම් කළ නිර්මාංශ ආහාරය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ලබා දුන් මස් සහිත ආහාරයේ මස් ‘වටේ කෑමට’ උත්සාහ කිරීමේදී ආහාර කැබැල්ලක් සිරවීමෙන් මිය ගිය බවට චෝදනා කරමින්.
මිය ගිය 85 හැවිරිදි අසෝක ජයවීර නම් විශේෂඥ වෛද්‍යවරයා කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් 2023 ජූනි 23 වන දින ලොස් ඇන්ජලීස් සිට ශ්‍රී ලංකාවේ කොළඹ දක්වා ගමන් කරමින් සිට තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පැය 15 හමාරක ගුවන් ගමන ආරම්භ වී පැය 2 හමාරකට පමණ පසු, ගුවන් යානයේ ආහාර සේවාව ආරම්භ වී තිබූ බවයි.
ඒ අනුව පවුලේ අය කරන ලද පැමිණිල්ලට අනුව, දැඩි නිර්මාංශිකයෙකු වූ ජයවීර නිර්මාංශ ආහාරයක් ඉල්ලා සිටිය ත් ගුවන් සේවිකාව ඔහුට දැනුම් දී ඇත්තේ නිර්මාංශ ආහාර ඉතිරි වී නැති බවයි.