Latest News

තරගාවලියේ වීරයා වූ අභිෂේක් ෂර්මාට හිමි වූ මෝටර් රථයට ඉන්දියාවෙන් තහනමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලැබූ 2025 ආසියානු කුසලාන තරඟාවලියේ දී තරඟාවලියේ ඉහළම දක්ෂතා දක්වමින් තරගාවලියේ වීරයාට හිමි සම්මානය දිනා ගනු ලැබූ ඉන්දීය ක්‍රීඩක අභිෂේක් ෂර්මාට හිමි වූ Haval H9 වර්ගයේ මෝටර් රථය ඉන්දියාවට ගෙන ඒම පිළිබද ගැටළුවක් පැනනැගී තිබෙනවා.

එලෙස ඔහුට හිමි වූ මෝටර් රථයේ, සුක්කානම සහිත රියදුරු අසුන රථයේ වම් පසින් පිහිටා ඇති අතර ඉන්දියානු නීතිය අනුව එවැනි වම් පසින් රියදුරු අසුන පවතින මෝටර් රථ ඉන්දියාව තුළ ධාවනය කිරීම තහනම් වන අතර දකුණු පසින් රියදුරු අසුන පිහිටි වාහන පමණක් ඉන්දියාවට ආනයනය කිරීමට සහ ලියාපදිංචි කිරීමට අවසර හිමි වී ඇති බවයි වාර්තාවන්නේ.

මේ හේතුවෙන් අභිෂේක් ෂර්මාට එම රථය ඉන්දියාවේ ලියාපදිංචි කිරීමට හෝ නීත්‍යානුකූලව ධාවනය කිරීමට නොහැකි අතර, සම්මත ක්‍රියා පටිපාටි හරහා මෝටර් රථය ආනයනය කළ නොහැකි බවට ද විදෙස් මාධ්‍ය පවසනවා.

World News

Send your contact Details Today