අප්‍රිකානු රජෙකු විසින් භාර්යාවන් 15 දෙනෙකු, දරුවන් 30 දෙනෙකු සහ සේවකයින් 100 දෙනෙකු ඇතුළු 150 දෙනෙකුගෙන් යුත් පිරිවරක් සමඟ පැමිණීමත් සමඟ අබුඩාබි ගුවන් තොටුපළ වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙළෙස පැමිණ ඇත්තේ දකුණු අප්‍රිකානු රටක් වන එස්වාටිනි හි III වන එම්ස්වාටි රජුයි.
ඔහු අප්‍රිකාවේ අවසාන නිරපේක්ෂ රජතුමා වන අතර 1986 සිට එස්වාටිනි පාලනය කර තිබෙනවා.
දැන් 57 හැවිරිදි මිස්වාටි රජු තම රටේ සාම්ප්‍රදායික කොටි හම් ඇඳුමින් පෙනී සිටි අතර ඔහුගේ භාර්යාවන් 15 දෙනා සහ දරුවන් 30 දෙනා වර්ණවත් අප්‍රිකානු ඇඳුම් වලින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
ඔහු ආර්ථික ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ස්වාසිලන්තයේ හිටපු රජු වූ ඔහුගේ පියාට භාර්යාවන් 125 ක් සහ දරුවන් 210 ක් සහ මුණුබුරන් 1,000 ක් සිටි බව සඳහන්.
වත්මන් III වන ම්ස්වාති රජුට භාර්යාවන් 30 ක් සිටී. නමුත් මෙම ගමනේදී ඔහු සමඟ පැමිණියේ ඔවුන්ගෙන් 15 දෙනෙකු පමණයි.
ඔහුට දරුවන් 35 කට වඩා සිටින අතර ‘රීඩ් ඩාන්ස්’ නම් සාම්ප්‍රදායික උත්සවයකදී සෑම වසරකම නව බිරිඳක් තෝරා ගැනීමේ රජුගේ පුරුද්ද ලොව පුරා විවේචනයට ලක්ව සිටිනවා.
රජු සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන අතර, එස්වාටිනි හි ජනගහනයෙන් සියයට 60 ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වනවා.
රටේ දරිද්‍රතාවය සහ ආර්ථික අභියෝග මධ්‍යයේ ම්ස්වාති රජු දේශීය වශයෙන් ද විවේචනයට ලක්ව තිබෙනවා.