කැස්ස සිරප් වර්ගයක් පානය කිරීමෙන් අවම වශයෙන් ළමුන් නව දෙනෙකු මිය ගොස් තිබෙන බව ඉන්දීය බලධාරීන් පවසනවා.
ඒ අනුව ඉන්දීය ප්‍රාන්ත තුනක් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි එම සිරප් වර්ගය තහනම් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ ශ්‍රේසන් ෆාමා විසින් නිෂ්පාදනය කරන ලද “කෝල්ඩ්රිෆ්” නම් කැස්ස සිරප් වල පරීක්ෂණ සාම්පලවල ඩයිතිලීන් ග්ලයිකෝල් (DEG) අඩංගු බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
DEG යනු කුඩා ප්‍රමාණවලින් පවා ශරීරගත වුවහොත් ඉතා විෂ සහිත කාර්මික ද්‍රාවකයක් වනවා.
“සාම්පලවල අවසර ලත් සීමාව ඉක්මවා DEG අඩංගු බව සොයාගෙන ඇත” ලෙසයි අමාත්‍යාංශ ප්‍රකාශයේ සඳහන්ව ඇත්තේ.
“මෙම සිරප් විකිණීම මධ්‍ය ප්‍රදේශ් පුරා තහනම් කර ඇත,” බොහෝ මරණ සිදු වූ මධ්‍යම ඉන්දීය ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය මොහාන් යාදව් පැවසුවා.
අනෙකුත් ශ්‍රේසන් ෆාමා නිෂ්පාදන විකිණීම ද තහනම් කරන බව ද යාදව් වැඩිදුරටත් සඳහන් කරනවා.
තමිල්නාඩුව සහ එහි අසල්වැසි ප්‍රාන්තය වන කේරළය ද දේශීය මාධ්‍යවලට අනුව අලෙවිය තහනම් කර තිබනෙවා.
මේ අතර, ද හින්දු පුවත්පතට අනුව, දකුණු තෙලන්ගානා ප්‍රාන්තය කෝල්ඩ්රිෆ් කැස්ස සිරප් සම්බන්ධයෙන් මහජන අනතුරු ඇඟවීමක් නිකුත් කළා.