ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ සයිබර් අපරාධ කණ්ඩායම් තුනක් එක්ව “Trinity of Chaos” නමින් ලොව විශාල ආයතන ඉලක්ක කරමින් සයිබර් අපරාධ සිදුකරමින් සිටින බව වාර්තා වී තිබෙනවා.
LAPSUS$, ShinyHunters සහ Scattered Spider යන කණ්ඩායම් එකට එකතු වී “supergroup” නමින් මෙම අපරාධ සිදුවන බවයි සඳහන් වන්නේ.
මෙම කණ්ඩායම් විසින් Qantas/ Adidas/ Google/ Marks & Spencer/ Pandora/ Chanel/ Tiffany & Co./ Cisco වැනි සමාගම්වල පාරිභෝගික දත්ත සොරකම් කරන බවයි වාර්තා වන්නේ.
මොවුුන් social engineering ක්‍රම භාවිතා කරමින් සයිබර් ප්‍රහාර සිදුකරන අතර phishing/ vishing සහ සමාගම් වල මෘදුකාංග (software) හා දත්ත ආරක්ෂාව පිළිබඳ වගකීම් ඇති අය අනුකරණය කිරීම මඟින් දත්ත ලබාගැනීම සිදු කරනවා.
එමෙන්ම AI සහ deepfake තාක්ෂණය ද භාවිත කරමින් සයිබර් අපරාධ සිදුකරන බව වාර්තා වනවා.
Qantas සමාගමේ පාරිභෝගිකයන් මිලියන ගණනකගේ තොරතුරු 2025 ජූලි මාසයේදී සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. එමෙන්ම Marks & Spencer සමාගම ඔන්ලයින් ඇණවුම් තාවකාලිකව නවතාදමා ඇති අතර වසරේ ලාභයෙන් පවුම් මිලියනය 300 ක් අලාභයට පත්ව තිබෙනවා.
“Trinity of Chaos” කණ්ඩායම තරුණයින්ගෙන් සමන්විත අතර ඔවුන්ගේ බලය සංවිධානය, කණ්ඩායම් සම්බන්ධතා සහ භාෂා කුසලතාව මත මෙම සයිබර් ප්‍රහාර සිදුකරන බව සදහන්.
මේ හේතුවෙන් ලොව විශාල සමාගම් වල ආරක්ශාවට විශාල බාධාවක් එල්ල වී තිබෙන බවයි වාර්තා පෙන්වා දෙන්නේ.