ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේදී, ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සඳහා රෝහිත් ෂර්මා වෙනුවට ශුබ්මන් ගිල් පත්කර තිබෙනවා.
එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 5ක් තරගාවලියක් සඳහා ඉන්දීය කණ්ඩායම මෙම මස දී ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිතර වනවා.
එම තරගාවලියේදී විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා නැවත ඉන්දීය ජාතික කණ්ඩායමට පැමිණීමට සූදානම් බවයි ඉන්දීය මාධ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.
ජැස්ප්‍රිට් බුම්රා එක්දින තරගාවලිය සඳහා විවේක ගන්වා ඇති අතර යෂස්වි ජයිස්වාල් නැවත කණ්ඩායමට පැමිණ තිබෙනවා.
විස්සයි20 තරගාවලියේදී සූර්යකුමාර් යාදව් නායකයා ලෙස නම් කර ඇති අතර ගිල් උප නායකයා ලෙස කටයුතු කරනවා.
ඒ අනුව ටෙස්ට් සහ විස්සයි20 කණ්ඩායම්වල ද නායකත්වය දරා ඇති ගිල් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන පළමු තරගාවලිය මෙය වනවා.